කොළඹ නගරය ආශ්‍රිතව කිඹුලන් පිළිබඳව අනතුරු ඇඟවීමක්

කොළඹ නගරයේ ගංගා, වැව් සහ ඇළ මාර්ග භාවිත කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි .

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මාධ්‍ය වෙත මේ බව පැවසූවේ බොල්ගොඩ ගඟේ සිටිනා කිඹුලෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

“බොල්ගොඩ ගඟ කිඹුලන්ගේ වාසභූමියක් . ඊට අමතරව කොළඹ ගංගා, වැව්, ඇළ දොළ ආශ්‍රිතව කිඹුලන් විශාල ප්‍රමාණයක් ජීවත් විය හැකියි. ඒ අනුව දියවන්නාව, බොල්ගොඩ වැව දකුණ සහ කැලණි ගඟ කිඹුලන්ගේ වාසභූමි ලෙස කලක සිට හඳුනාගෙන තියනවා.” ඔහු පැවසීය.

එබැවින් බොල්ගොඩ ගඟේ කිඹුලෙක් සිටීම සාමාන්‍ය සිදුවීමක් බවත්, එය මාතෘකාවක් ලෙසට එන්නේ මිනිසුන් දකින විට පමනක් බවත් පැවසූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙමෙ ඇලදොල භවිතයේදී දැඩි අවධානයෙන් සිටිනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කිඹුලන් වාසස්ථානවලින් ඉවත් කිරීමට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් නැති බවත්, සිය වාස භූමි වලින් ඉවත් කරනා කිඹුලන් නැවත එම ස්ථාන වලට පැමිනෙන බවත් ඔහු සඳහන් කළේය.