මඩුවන්වල නින්දගමෙන් අක්කර 87 ක් සමාගමකට ලබාදෙයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනාමුර ග්‍රාම නිලධාරී වසමේ මඩුවන්වල නින්දගම වත්තේ පිහිටි ඉඩමක් වනවගවක් සඳහා ලංකා දුම්කොළ සමාගමට (CTC) ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

අක්කර 87 කින් යුත් මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු එකක් වන අතර එය වසර 30 ක කාලයක් සඳහා වන වගා ව්‍යාපෘතියක් සඳහා ලංකා දුම්කොළ සමාගමට ලබදී ඇත.

සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාව හොඳින් ඇගයීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දුන් බව්ස අමාත්‍ය මණ්ඩළ කාර්යාලය පවසයි.