පාරවල් හදන්නට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60 ක ණයක්.

මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ මහජන අපහසුතාවයන් අවම කිරීම අරමුණු කරගත් පුළුල් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60 ක නයක් ලබාගැනීමට ශ්‍රි ලංකාව සූදානම් වෙයි.

ඊට අදාල ගිවිසුම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono විසින් ණය ගිවිසුමට ඊයේ නිල වශයෙන් අත්සන් කරන ලදී.

සමස්ත වියදම ඩොලර් මිලියන 68.5 ක් වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 8.5 දරණු ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!