දැනට පවතින රුපියල් ලක්ෂයේ අවම බදු සීමාව වහාම ලක්ෂ දෙක දක්වා වැඩි කර මධ්‍යම පන්තිය ආරක්ෂා කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න රජයෙන් ඉල්ලා සිටියි.
රාජ්‍ය ආදායම ලෙස බදු අය කර ගැනීම කළයුතු බව විපක්ෂය පිළිගන්නා මුත් බදු අය කළ යුත්තේ කාගෙන්ද, කොපමණද යන්න තෝරා බේරාගෙන එය නිසියාකාරව සිදු කිරීම රජයේ වගකීමක් බව ඔහු පවසයි.
රජය ඒ ආකාරයෙන් කටයුතු කළේ නම් වෘත්තිකයන් සහ මධ්‍යම පාන්තික සේවකයින් රජයට එරෙහිව උද්ඝෝෂණ කරන වාතාවරණයක් ඇති නොවන බවත්, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය රජයට අවවාද කළද වැරදි උපදෙස් හේතුවෙන් රජය එය නොසලකා හැර ඇති බවත් ඔහු පැවසීය.