දුප්පතුන්ට බෙදන්න දුන්නු සහල් රැගත් ලොරි 8ක් කොළඹින් ගිහින් මගදි කළ දේ

ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජනපද නියෝජිත ආයතනය මෙරට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි බෙදා හැරීම සඳහා කහටගස්දිගිලියේ ප්‍රසිද්ධ සහල් මෝලකට යවා ශුද්ධ කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය ඔවුන්ගේ බාරයට ගෙන තිබෙනවා.

එම සහල් තොගය කොළඹ ප්‍රදේශයේ සිට ලොරි 8කින් පමණ කහටගස්දිගිලියට ප්‍රවාහනය කර ඇති අතර එහි සහල් කිලෝ 1,76,500ක් පමණ තිබී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

කල්ඉකුත් වූ සහල් තොගය පොලිෂ්කර නව ඇසුරුම්වල අසුරා මහජනතාවට බෙදා හැරීම සඳහා සහල් මොල් හිමිකරු සමග ගිවිසුමක් අත්සන් කර ඇති බව පැවසෙනවා.

එසේ පිරිසිදු කරන සහල් කිලෝවකට රුපියල් 12ක් අය කරන බවද එම ගිවිසුමේ සඳහන්ව තිබෙනවා.

පාරිභෝගික සේවා නිලධාරීන් සහල් රැගෙන ආ ලොරි රථ 8ම මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!