වසර දෙකක් තුළ නව නීති 75ක් – ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එක වෙයි

පසුගිය වසර 02තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින්.

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවත් හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේම දුෂණය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය නිමා කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!