අම්පාර, කාර්තිව්හිදී පාසල් සිසුන් සමග අනතුරට ලක් වූ ට්රැක්ටරයේ සිටි තවත් සිසුන් තිදෙනකුගේ සිරුරු හමුව තිබෙනවා.
සිසුන් 11 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් ට්රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානයක් හරහා ගමන් කරමින් තිබියදී සැඩපහරකට හසුව පෙරළී පෙරේදා දිනයේ මෙම අනතුර සිදුවුණා.
තවත් පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.