‘අනුර ඉන්දියාවට – චීනයට’ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක තම පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමෙන් පසුව චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම සංචාරක දෙකේදී ඉන්දියානු සහ චීන ආධාර යටතේ ආරම්භ කර මේ වන විට නතර වී ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම, ආයෝජන ගෙන්වා ගැනිම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ඉන්දීය සංචාරය අතරවාරයේදී දෙරට අතර අවභෝධතා ගිවිසුමකට පැමිණීමට නියමිත අතර බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන ගෙන්වා ගැනීම ගැන එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය

දෙසැම්බර් 16 වැනිදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර ඔහු සමග සංචාරයට එක්වන කණ්ඩායම ගැන අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.

ලබන මාසයේදී ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව යන බවත් එහිදී අධ්‍යාපනය, තාක්ෂණය සම්බන්ධයෙන් වන අවභෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරයි.

පාසල් ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම, පාසල් ළමුන්ට අවශ්‍ය නිල ඇදුම් ලබාගැනීම සදහා චීනයේ ආධාර ලබාගැනීම ගැනද මෙම සංචාරයේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.