බැක්ටීරියා ආසාදන සඳහා භාවිත කරන සෙෆියුරොක්සිම් (sefuroksim ) ඖෂධය හිඟ විම නිසා දිවයින පුරා පිහිටි රෝහල්වල රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් ගැටලුවකට මුහුණපා සිටිති.
ප්‍රතිජීවක ඖෂධයක්වන කෝ ඇමෙක්සික්ලෝව් (co amoxiclave ) භාවිතය නතර කිරීමට වෛද්‍ය සැපයුම් අංශය රෝහල් බලධාරින්ට දැනුම් දීමෙන් පසු බැක්ටිරියා ආසාදන සඳහා භාවිත කළේ සෙෆියුරොක්සිම් (sefuroksim) නැමැති ප්‍රතිජිවක එන්නතයි.
චර්ම රෝග, උගුර, කණ, නාසය බැක්ටීරියා ආසාදනවලදී මෙම එන්නත් භාවිත කරයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සෙෆියුරොක්සිම් (sefuroksim) එන්නත් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතත් මෙතෙක් එම එන්නත් ලබාගෙන නොමැත.
කොළඹ ජාතික රෝහලේද පසුගිය බදාදා සිට සෙෆියුරොක්සිම් (sefuroksim ) එන්නත් නොමැති බව වෛද්‍යවරයකු ප්‍රකාශ කළේය.
මෙම එන්නත දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලාවක් ජාඇල ප්‍රදේශයේ ඉදි කළ අතර එම එන්නත නිෂ්පාදනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා වෙයි.
මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි මාසයේදි විවෘත කළ අතර එන්නත් නිෂ්පාදනයට අනුමැතිය නොලැබීම නිසා එය මාස හයකට අධික කාලයක් වසා දමා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වස්ථා දත්ත පද්ධතියේද සෙෆියුරොක්සිම් (sefuroksim ) එන්නත් නොමැති බව පෙන්නුම් කරනු ලබයි.