රනිල් ජීවිත කතාව ලියන්න හදයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජීවිත කතාව ඇතුළත් චරිතාපදානය ලිවීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ඒ සදහා ලබන වසරේ කාලය වෙන් කරගෙන සිටී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. ඒ ඉල්ලීම් පිළිගෙන නැති රනිල් වික්‍රමසිංහ තමන් ලබන වසරේදී තමන්ගේ චරිතාපදානය රචනා කිරීමට වේලාව වෙන් කරගෙන ඇති බවද සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවට නොපැමිණියත් තරුණ පරපුරට උපදෙස් ලබාදෙමින් කටයුතු කිරීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.