අහුන්ගල්ල මුහුදු තීරයේ ඉකුත් 10 වැනිදා දහවල් දිය නාමින් සිටියදී දිය වැලකට හසුව මීටර් 150ක් පමණ දුරකට දියඹට ගසාගෙන යමින් සිටි විදේශික කාන්තාවකගේ හා පිරිමියෙකුගේ දිවි බේරා ගැනීමට එම වෙරළේ ජීවිතාරක්ෂක රාජකාරිවල යෙදී සිටි අහුන්ගල්ල පොලීසියේ නිලධාරීහු සමත් වූහ.
මෙසේ දිවි බේරා ගනු ලැබුවේ මෙරට සංචාරයකට පැමිණ අහුන්ගල්ල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි අවුරුදු 29ක් වූ අර්මේනියා ජාතික ZAKARYAN MANVEL නමැති කාන්තාවක් හා අවුරුදු 30ක් වූ යුක්රේන් ජාතික MNATSAKANYAN NAIRA යන දෙදෙනාවය.
මොවුන් දෙදෙනා බේරාගෙන ගොඩබිමට රැගෙන විත් මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ඔහු නතරව සිටි හෝටලයේ කළමනාකාරීත්වයට භාරදුන් බව පොලීසිය පැවසීය.