නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ හිටපු ඉහළම නිලධාරියෙක් විසින් නාගරික සංවර්ධන අධිකාරියද නොමග යවමින් එම අධිකාරිය සතු ඉඩම් කොටසක් ලබාගෙන රථගාලක් පවත්වාගෙන ගොස් තිබෙන බවට නාගරික සංවර්ධන අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.
දේශපාලන බලය යොදා ගනිමින් සහ තමන්ගේ තනතුරේ බලය භාවිතා කරමින් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය ෂතු ඉඩම් කොටසක් වෙනත් පුද්ගලයෙක් මගින් ලබාගෙන නීති විරෝධී ආකාරයට රථ ගාලක් පවත්වාගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී තිබේ.
මෙම නිලධාරියා පසුගිය රජය සමයේදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ඉහළ තනතුරක් දරා සිටියෙදී මාකොළ උතුර තැඹිලිගස්මුල්ල දේවාල පාරේ පදිංචි උළුගෙදර වික්‍රමසිංහ නැමති පුද්ගලයෙකුගේ නමින් මෙම ඉඩම් කොටස ලබාගෙන ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගිවිසුම් ගතවෙමිනි.
මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට මාසයක පූර්ව දැනුම් දීමක් සිදුකොට ඕනෑම මොහොතක පවරා ගත හැකි බවත් ඉඩම සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් හෝ අතුරු බදුදීම් හෝ වෙනත් අයකුට පැවරීමක් හෝ තාවකාලික වෙන් කිරීමක් කිසිදු ආකාරයකින් නොකරන බවට ගිවිසුම් ගත වි තිබේ.
මෙලෙස ලබාගත් ඉඩම නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට රුපියල් දහ අට ලක්ෂ අනූ හතර දහස් දෙසීය හැත්තෑ පහක ගෙවීමක් සහිතව තමන් වෙත පවත්වාගෙන යාමට එය ලබාගත් පුද්ගලයා ලබාදුන් බවත් ඒ අනුව රථගාල පවත්වාගෙන යමින් මාසයකට එය ලබාගත් අයට ගෙවීමක් කිරීමේ පදනම මත තමන් එය ලබාගත් පැමිනිලිකාර ව්‍යාපාරිකයා සදහන් කර තිබේ.
නාගරි ජනාවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියා විසින් දේශපාලන හා නිලධාරි බලය උපයෝගී කරගනිමින් මෙය ලබාගෙන ගිවිසුම් වලට පටහැනිව අන්සතු කර තිබෙන බවත් අනාවරණය වී ඇති බවද එම පැමිණිල්ල මගින් සදහන් කර ඇත.