‘ගෝල් මාවල්ස්‘හිමිකරු රිමාන්ඩ්

මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන16  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ශණ කැකුණවෙල මහතා අද  නියෝග කළේය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය මගින්  සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි .

සැකකරු  තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට සිදුකර ඇති බවත් එම ක්‍රීඩකයා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට  දැනුම්දී ඇති බවත්,විමසන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත  බන්ධනාගාර ගත කරන ලෙසත් රජය අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.