20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අද (21) නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ .
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICC ය තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ රජයටද දැනුම් දී ඇති බව සඳහන්ය.
බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්යෙන් අද පැවති තීරණාත්මක සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත .
අදාළ රැස්වීමෙන් පසු ඡන්දයක් පවත්වා ඇති අතර, එහිදී ආදේශකයෙකු පත් කිරීමට බොහෝ දෙනෙකු පක්ෂව ඡන්දය ලබාදී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ තම අවසාන ස්ථාවරය දැනුම්දීමට ICC ය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනට තවත් එක් දිනයක් ලබා දී ඇති බව සඳහන්.