හිටපු ජනාධිපතිවරුන්ගේ තුන දෙක කරයි – තීරණය ජනාධිපති ලේකම් කාර්යාලයෙන්

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ වාහන පහසුකම් තවදුරටත් කප්පාදු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරුන්ට පෙර ගමන් රථයක් සමග නිල වාහන තුනක් ලබාදී තිබේ. එම වාහන තුන දෙක දක්වා කප්පාදු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය මෙලෙස පියවර ගෙන ඇත.

එසේ නිල වාහන දෙකක් පමණක් තබාගෙන අනෙක් වාහනය භාරදෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය ලිඛිතව හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග තවදුරටත් අනාවරණය කරයි.