ජනාධිපති අනුර කුමාර දිසානායක අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙටි පණිවුඩ ඔස්සේ සුබ පැතුම් පණිවුඩ එවීමට කටයුතු නොකිරීම නිසා රුපියල් ලක්ෂ 980ක් ඉතිරි කළ බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොච්ටච්චි කළ ප්‍රකාශය අසත්‍ය බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීහු සහතික කරති.
පසුගිය වසරේදී ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබපැතුම් කෙටි පණිවුඩ සදහා රුපියල් ලක්ෂ 980ක් වියදම් කර ඇති බවට නිලන්ති කොට්ටච්චි මන්ත්‍රීවරිය කළුතරදී පැවති ජන හමුවකදී ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ඇය ප්‍රකාශ කළ පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙටි පණිඩුව ඔස්සේ සුබපැතුම් යැවීම සදහා එකදු සතයක්වත් වියදම් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.
අලුත් අවුරුදු සුබපැතුම් යැවීම සදහා ජංගම දුරකතන සේවා සපයන ආයතන එක්වී ඇති අතර, එම කිසිදු ආයතනයකට සතයක්වත් වියදම් කර නොමැති බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව සිටි කාලයේදී මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවල සිටි නිලධාරීහු තහවුරු කරති. මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක්ද මෙසේ හිටපු ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට කෙටි පණිවුඩ ඔස්සේ සුබ පැතුම් යොමු කිරීමට සතයක්වත් වියදම් නොකළ බව සහතික කර තිබුණි.