බන්ධනාගාර රැඳවූවන්ගේ ආහාර සඳහා පමණක් රජය වාර්ෂිකව රුපියල් බිලියන 3.9ක් පමණ වැය කරනා බවත්, වර්තමානයේ එම දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය .
පවතින බන්ධනාගාර තුළ රැඳවිය හැකි ධාරිතාවය 13,000ක් වුවත් 29,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනා බවත්, මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා සිවිල් වැරදිකරුවන් සම්බන්ධ ඇප පනත සංශෝධනය කර නිවාස අඩස්සියට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනව බවත් ඔහු පැවසීය. ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ යසන්ත කෝදාගොඩ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී ඇති බැවින් ඊට අදාළ නීති කෙටුම්පත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.
අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.