ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මියගිහින්

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබු ඉල්යාස් මහතා මියයන විට 78 වන වියේ පසුවූ අතර ඔහු කලක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද කටයුතු කළා.