ගතවූ මාස 5ට අන්තර්ජාල වංචා පැමිණිලි 1093ක්

වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මාස දෙකක් ඇතුළත දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන් ළමා ලිංගික හිංසන 27 ලැබී ඇති බවයි.

එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.