පොලිසිය භාරයේ සිටියදී පහරදිමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට මෙම සිද්ධියට අදාලව ඔහුගේ සහ තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවයද අත්හිටුවා තිබේ.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියක රඳවා සිටියදී මියගිය අතර, මරණ පරීක්ෂණයකදී ඔහුට පහර දී ඇතිබව හෙළිවීමත් සමග වැඩ තහනමට ලක්ව සිටි අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදි .