හැරිසන්ට සජිත් ගැන සැකලු

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන බලවේගය කිසිදු මතයක් නොදැරීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී හැරිසන් පැවසීය .

එම දේවගැතිවරයා සමග සජිත් ප්‍රේමදාස ද සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් පවතින බවත් එනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු හෝ සමගි ජන බලවේගය ස්ථාවරය හෙළි කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශවයන් තම මතය ප්‍රකාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා ඇති බව පැවසූ ඔහු එවන් පසුබිමක ප්‍රධාන විපක්ෂය මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුමයක් බවත් හෙතෙම පෙන්වා දෙයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *