ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ස්විට්සර්ලන්ත ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන ඇතිබව වාර්තා වේ .
සූරිච් බලා ගමන් කිරීමට සූදානම් වූ එම ගුවන් යානෞඒ එක් එන්ජිමක එන්ජිමක් ගිනිමහ් හට ගත් බවත් එම අවස්ථාවේ යානය ගුවන්ගත වීමට ධාවනපතයේ ගමන් කරමින් තිබු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර යි. එම අවස්ථාවේ යානය තුළ මගීන් 232 දෙනෙකු සිට ඇති අතර ඔවුන් හදිසි දොරටු ඔස්සේ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර මගීන් ඉවත් කිරීමේදී ඇති වූ තෙරපීම් සහ ලිස්සා යාම් හේතුවෙන් මගීන් 05 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.