ශිරන්ති රිමාන්ඩ් .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබාගත් රුපියල් මිලියන 10 ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද උදෑසන අත්අඩංගුවට ගත්තාය . අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.