”ශ්‍රී පදස්තානයේ ලයිට් බිල ගෙවලත් නෑ . ගෙවන්නෙත් නෑ” – බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති

ශ්‍රී පාදස්තානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් ගාස්තුවක් කිසිදු අවස්ථාවක ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති . ශ‍්‍රී පාදස්ථානයට වැයවන විදුලිය සඳහා මුදල් අයකිරීමක් කිසිදාක සිදු නොකළ බවද පවසන උන්වහන්සේ ශ්‍රී පදස්තානය විදුලි බිල් ගෙවා දැමීම සඳහා බැඳීමක් නැති බවත් ගෙවන්නේද නැති බවත් පැවසූහ.

කෙසේ වෙතත් ශ්‍රී පාද මළුව සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට මේ වන විටත් විදුලි උත්පාදක යන්ත්‍රයක් උඩමළුවට ගෙන ගොස් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ. එළඹෙන ශ්‍රීපාද වන්දනා සමය පිළිබඳ පැවති සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

ඊට අමතරව ශ්‍රී පාදස්ථානයට පැමිණෙන මාර්ග සඳහා විදුලිය ලබා දී ඇත්තේ ඉල්ලීමක් වත් සිදු නොකර බවද උන් වහන්සේ පවසති. ලක්ෂපාන බලාගාරය ඉදිකිරිමේදී වූ බාරයක් ඔප්පු කරනු වස් ශ්‍රීපාදස්ථානයට යන මාර්ගයට විදුලිය ලබාදී ඇතිබව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *