විදුලි ගාස්තුව අවම වශයෙන් 20%කින් පහළ දැමිය යූතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පෙන්වා දෙයි.
“2023 වසර සදහා තමන් ඉදිරිපත් කල විදුලි ඉල්ලුම පිළිබද දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබේ. මේ අධිතක්සේරුගත විදුලි ඉල්ලුම් පදනම් කරගෙන ලංවිම පහුගිය පෙබරවාරි මාසයේදී යෝජනා කර ක්‍රියාවට නැගු සියයට 66ක ගාස්තු ඉහල දැමීම වැරැදි තීරණයක් බව දැන් ඔප්පු වෙනවා. මේ වසර සදහා පවතින්නේ අඩු විදුලි ඉල්ලුමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු සහ විදුලිගාස්තු අංශය විසින් නිවැරැදිව ඇස්තමේන්තු කරල තිබුණා. එවැනි අඩු විදුලි ඉල්ලුමක් පවතින නිසා තමයි 2023 පෙබරවාරි මාසයේදී සියයට 35ක පමණ අඩු විදුලි ගාස්තු වැඩිවීමක් නිර්දේශ කර තිබුණේ. එම අඩු විදුලි ගාස්තු සංශෝධන යෝජනාව වෙනුවට කොමිෂන් සභාවේ බහුතර සමාජිකයින් විසින් ලංවිම ඉදිරිපත් කර තිබු සියයට 66ක ගාස්තු සංශෝධන යෝජනාවට අනුමැතිය දුන්නා. නමුත් දැන් ඔප්පුවෙනවා විදුලි ගාස්තුව අවම වශයෙන් සියයට 20කින් වත් අඩු කළ යුතු බව. පහුගිය පෙබරවාරි මාසයේදී නිර්දේශ කල සියයට 35ක ගාස්තු සංශෝධනය ක්‍රියාවට නැගුවානම් විදුලි පාරිභෝගිකයින් මත අනවශ්‍ය පීඩනයකන් ඇති වන්නේ නැහැ. ඒ වගේම ලංවිම මුල්‍ය තත්වයට අයහපත් ලෙස බලපෑමක් ඇති වන්නේ ද නැහැ. දැන් වහාම කල යුත්තේ අවම වශයෙන් සියයට 20කින් වත් විදුලි ගාස්තු අඩු කිරීමයි”
එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2023 වසර සදහා ගිගා වොට් 16,520 විදුලි ඉල්ලුමක ඇස්තමේන්තු කර තිබේන නමුත් ලංවිම පසුගියදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා ඇත්තේ තමන් මුලදී ගණනය කල විදුලි ඉල්ලුම මේ වසර තුලදී නොපවතින බවයි. මේ පිළිබද කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක.
“ මේ වසරේ ගිගාවොට් පැය 16,520ක විදුලි ඉල්ලුමක් පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලය පහුගිය ජනවාරි මාසයේ දී ඇස්තමේන්තු කලේ. ඒ අවශ්ථාවේදී කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු අංශය පෙන්වා දුන්නා මේ වසරේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 15,031 ක මට්ටමක පවතින බව. ඒ අනුව විදුලි ගාස්තු ඉහල දැමිය යුත්තේ අඩු ප්‍රතිශතයකින් බව එම නිර්දේශවල තිබුණා. ලංවිම පහුගියදා අප වෙත ඉදිරිපත් කලා ඉදිරි කාලය සදහා නව සංශෝධිත විදුලි ඉල්ලුම් ඇස්තමේන්තුවක්. ඒ මගින් ඔවුන් මුලදී කල අධිතක්සේරු ගත විදුලි ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පවතින බව පිළිගෙන තිබුණා. ලංවිම නව විදුලි ඉල්ලුම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු අංශය ගණනය කර පහුගිය පෙබරවාරි මාසියේදී ඉදිරිපත් කල විදුලි ඉල්ලුමට ආසන්න විදුලි ඉල්ලුමක්. වැරැදි ඉල්ලුමක් මත විදුලි ගාස්තු ඉහල දැමීම නිසා ලංවිමට අපේක්ෂා කල ආකාරයේ ආදායම් ඉහල යාමක් ලැබුනේ නැහැ.