වාද්දූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලද යුවලක් පානදුර රෝහකට ඇතුලත්කරනු ලැබීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත .
මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත . අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .