One Text ආයතනය විසින් සංවිධානය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් සාකච්චාවක් එලබෙන 3 වැනිදා (පෙබරවාරි 3 ) පස්වරු හතරට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී පැවැත්වෙන බව එම ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසිය .
යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද යන්න පිළිබඳ පැවත්වෙන මෙම සාකච්චාවේ ප්‍රධාන දෙසුම පවත්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය දීපිකා උඩගම විසිනි . ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය කුමාර්වඩිවෙල් ගුරුපරන්, ආචාර්ය රමේෂ් රාමසාමී, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මෙහි සෙසු දෙසුම් පවත්වනු ඇත.
නව ව්‍යවස්ථා කෙටුම්පතක අවශ්‍යතාවය සහ එහිදී වැඩි දියුණු කළ යුතු අංග පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානාඅය යොමුවනු ඇත.
One Text ආයතනය වර්ෂ 2003 සිට මෙරට ක්‍රියාත්මක ආයතනයකි . මෙරට ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය අධ්‍යන සහ පරයේෂණ කිරීම, ජාතික වශයෙන් වැදගත් කරුණු සඳහා දේශපාලන පක්ෂ අතර එකඟතාවය ගොඩනැගීම වැනි කරුණු සඳහා එම ආයතනය දායක වෙයි .