වසා දැමූ කැලණිය විශ්වවිද්‍යාලය සඳුදා යළි විවෘත වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලිකව වසාදමා ඇති පීඨ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් එහි උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විද්‍යා, පරිගණක තාක්ෂණ සහ කළමනාකරණ අධ්‍යයන පීඨ දෙසැම්බර් මස 11 වැනි සඳුදා යළි ආරම්භ කිරීමට නියමිත අතර සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය දෙසැම්බර් 18 වැනිදා යළි විවෘත කිරීමට නියමිත බව දැක්වෙයි.

පහරදීමක්හා සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ පසුගිය සඳුදා (දෙසැ. 04) නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා දමන ලද අතර අඟහරුවාදා (දෙසැ. 05) පෙ.ව. 8.00 ට තම නේවාසිකාගාරවලින් පිටවන ලෙස සිසුන්ට දැනුම් දෙන ලදී.