ඉන්දියාවේ තීරණයෙන් ශ්‍රි ලංකාව අමාඅරුවේ

ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කිරීම නිසා දේශීය වෙළඳපොළේ ලොකු ලූණු ඉල්ලුම සපයාලීම බරපතල අර්බුදයක් බ්වට පත්වෙමින් තිබෙනා බව පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කරන්නෝ පවසති.

ඉන්දීය වෙළෙඳපොළේ ළූණු ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සහ මිල පාලනය කිරිම සඳහා එරට රජය මෙම තීරණය ගෙන ඇත. එහෙත් එම තීරණය උත්සව සමයේ ශ්‍රී ලංකාවෙ වෙළඳපොළේ දැඩි ලොකු ළූණූ හිඟයක් ඇතිකරන්නට සමත්වනු ඇතිබව වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු අප වෙබ් අඩවියට පැවසුවේ මේ වන විටත් ආනයනකරුවන් විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීමට උත්සහ ගනිමින් සිටිනා බවයි. ශ්‍රී ලංකාව මසකට ළූණු ටොන් 20,000ක් පමණ ආනයනය කරයි. දේශීය සිල්ලර වෙළඳපොලේ ළූණු කිලෝවක් රුපියල් 300 දක්වා මේවන විට ඉහළ ගොස් ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!