ඩුබායි හී ඊයේ පැවති ලෝක ශ්‍රවනාබාධිත 20-20 ක්‍රිකට් ශූරතාවයේ පළමු අර්ධ අවසාන තරගයේදී ප්‍රබල ඉන්දීය පිල පාරාජය කරමින් අවසාන මහා තරගයට සුදුසු කම් ලැබීමට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත පිල සමත් විය .
අතිශය තීරණාත්මක ස්වරූපයක් ගත් මෙම තරගයේදී නියමිත ඕවර 20 තුළ දෙපිලම ලකුණු 164 බැගින් ලබාගැනීම නිසා ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම සඳහා සුපිරි ඕවරයක් යවීමට සිදුවිය. එහිදී ශ්‍රීලංකාව ලකුණු 14 ක් ලබාගත් අතර ඉන්දියාවට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.
ප්‍රතමයෙන් පහරදුන් ශ්‍රී ලංකා පිල සිය ඕවර 20 තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 164 ක් ලබා ගන්නා ලදි .ගොයුම් සංඛ 45, ගිමන්දු මැල්කම් ලකුණු 52 . පන්දු යවීමේදී විවේක් ෂර්මා ලකුණු 29 ට කඩුළු 2 යි .
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල සිය ඕවර 20 තුළ කඩුළු 5 ක් දවී ලකුණු 164 ක් ලබා ගන්නා ලදි . සායි ආකාශ් ලකුණු 78 , විරේන්ද්‍ර සිංග් ලකුණු 50. පන්දු යවීමේදී දිනුක සචීන් ලකුණු 29 ට කඩුළු 1 යි .
අනතුරුව ජයග්‍රාහී පිල තෝරාගනුවස් සුපිරි ඕවරයක් යවනු ලැබීය. ඉන්දීය පිල වෙනුවෙන් විවේක් ෂර්මා සුපිරි ඕවරය යවූ අතර එහිදී ගිමන්දු මැල්කම් හතරේ පහරක්ද සහිතව ලකුණු 14 ලබාගන්නා ලදි .
ඊට පිළිතුරු ලෙස ඉන්දීය පිලට සිය සුපිරි ඕවරය තුළ ලබාගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි.
අනෙක් අර්ධ අවසාන තරගයේදී පාකිස්ථනය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරනා ලදි . ඒ අනුව අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථනය අතර අද පැවැත්වීමට නියමිතය.