දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන ව්‍යාපාරික තිලක් වීරසිංහ, සිය දියණිය වන ලිමිණි වීරසිංහ සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවට පැතිර යමින් පවතින පුවත ප්‍රතික්ෂේප කරයි .
Truth with Chamuditha YouTube නාලිකාව සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු පවසනුයේ මේ මොහොතේ ලිමිණිගේ කාර්ය භාරය විය යුත්තේ දේශපාලන වේදිකාවට නැගීම නොව තම ස්වාමිපුරුෂයාගේ සහ දරුවන්ගේ අවශ්‍යතා සොයාබලමින් මවක සහ බිරිඳක් ලෙස ඔවුනට සහය වීම බවයි.
කෙසේ වෙතත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ රැලියේදී ලිමිණි වේදිකාවට ගොඩවන්නේද නැද්ද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නැති බවත් , පවතින තත්ත්වය අනුව එවැනි දෙයක් කිරීම කිසිසේත් සුදුසු යයි තමා නොසිතන බවත් ඔහු සඳහන් කරයි .