ගජමුතු සහ රිදී මංජුසාවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බළකාය කල්මුණේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) මඩකලපුව පොලිස් වසමේ, පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිට සිදුකළ වැටලීමකදී.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!