LPL ක්‍රීඩක වෙන්දේසියේ – ක්‍රීඩකයින් අලෙවි වූ මිල ගණන් මෙන්න

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

5 වන වතාවට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දැන් පැවැත්වෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදීයි.

සුපුරුදු පරිදි මෙවරත් LPL ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවන්නේ ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින්.

දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ,ගාල්ල,මහනුවර,යාපනය සහ දඹුල්ල යන කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් වෙන්දේසිය සඳහා යොදවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියෙදී පළමුවෙන්ම ඉදිරිපත් කළ අශේන් බණ්ඩාර ක්‍රීඩකයාව B-Love Kandy කණ්ඩායම ඩොලර් 28,000කට මිලදී ගත්තා.

දිනේෂ් චන්දිමාල් ඩොලර් 40,000 -බී ලව් කැන්ඩී කණ්ඩායම.

පැතුම් නිස්සංකට මෙම වෙන්දේසියේ මිලක් හිමි වුණේ නැහැ.

දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝ ඩොලර් 60,000 -ජැෆ්නා කිංග්ස් කණ්ඩායම.

ජනිත් ලියනගේ ඩොලර් 36,000 -ගෝල් මාර්වල් කණ්ඩායම.

ඩුවෙන් පිස්ටෝරියස් ඩොලර් 30,000– ගෝල් මාර්වල් කණ්ඩායම .

ෆේබියන් ඇලන් ඩොලර් 32,000 -ජැෆ්නා කිංග්ස් කණ්ඩායම.

ධනංජය ද සිල්වා ඩොලර් 50,000– ජැෆ්නා කිංග්ස් කණ්ඩායම.

චාමික ගුණසේකර ඩොලර් 10,000– කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම.

දුනිත් වෙල්ලාලගේ නියම කළ මිල ඩොලර් 50,000 -කොළම්බු ස්ටයිකර්ස්ක් කණ්ඩායම.

රමනුල්ලාහ් ගුර්බාස් ඩොලර් 50,000 – කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම.

ලහිරු උදාර ඩොලර් 14,000 -දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම.

‍මුෂ්ෆිකර් රහිම් මෙම වෙන්දේසීය සඳහා ඉදිරිපත් වූ අතර එහි දී ඔහුව මිල දී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ.

කුසල් පෙරේරාත් මෙම වෙන්දේසියේ දී අලෙවි වුණේ නෑ.

ටස්කින් අහමඩ් ඩොලර් 50,000 කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම.

ළහිරු කුමාර ඩොලර් 30,000 ගෝල් මාර්වල් කණ්ඩායම.

ප්‍රභාත් ජයසූරිය ඩොලර් 10,000 -ගෝල් මාර්වලස් කණ්ඩායම.

අකිල දනංජය ඩොලර් 20,000– දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම.

සෝන් විලීයම්ස් ඩොලර් 20,000 -ගෝල් මාර්වලස්.

දසුන් ශානක ඩොලර් 85,000 – බී ලව් කැන්ඩි කණ්ඩායම.

ඇන්ජලෝ පෙරේරා ඩොලර් 20,000 – කළම්බු ස්ට්‍රිකර්ස් කණ්ඩායම

රමේෂ් මෙන්ඩිස් ඩොලර් 10,000 – බී ලව් කැන්ඩි කණ්ඩායම.

ශෙවෝන් ඩැනියෙල් ඩොලර් 15,000 – කළම්බු ස්ට්‍රිකර්ස් කණ්ඩායම.

ධනුෂ්ක ගුණතිලක ඩොලර් 22,000 – දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම.

දිමුත් කරුණාරත්න ඩොලර් 10,000 – බී ලව් කැන්ඩි කණ්ඩායම.

ඉෆ්ටිකාර් අහමඩ් ඩොලර් 50,000 – දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම.

නුවනිඳු ෆර්නැන්ඩෝ ඩොලර් 34,000 – දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම.

ජේසන් බැරන්ඩෝව්ස් ඩොලර් 50,000 – ජැෆ්නා කිංග්ස් කණ්ඩායම.

බිනුර ෆර්නැන්ඩෝ ඩොලර් 55,000 – කළම්බු ස්ට්‍රිකර්ස් කණ්ඩායම.

නුවන් ප්‍රදීප් ඩොලර් 36,000 – දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම.

ගරුකා සන්කේත් ඩොලර් 20,000 – කළම්බු ස්ට්‍රිකර්ස් කණ්ඩායම.

මතීෂ පතිරණ ඩොලර් 120,000 – කළම්බු ස්ට්‍රිකර්ස් කණ්ඩායම.

අසිත ෆර්නැන්ඩෝ ඩොලර් 40,000 – ජැෆ්නා කිංගස් කණ්ඩායම.

සහූර් ඛාන් ඩොලර් 10,000.- ගෝල් මාර්වල්ස් කණ්ඩායම.

මල්ෂ තරුපති ඩොලර් 25,000- ගෝල් මාර්වල්ස් කණ්ඩායම.

මල්ෂ තරුපති ඩොලර් 25,000- ගෝල් මාර්වල්ස් කණ්ඩායම

විෂාඩ් රන්දික ඩොලර් 5000- ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

ශෙහාන් බණ්ඩාර ඩොලර් 5,000 – කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම

රනේෂ් සිල්වා ඩොලර් 5000 – දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායම

සොහාන් ද ලිවේරා ඩොලර් 5000- දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායම

සධීෂ රාජපක්ෂ ඩොලර් 5000- ගෝල් මාර්වල්ස් කණ්ඩායම

කවීන් බණ්ඩාර ඩොලර් 5000 – කොළම්බු ස්ටයිකර් කණ්ඩායම

මොහොමඩ් ශිරාෂ් ඩොලර් 10,000- කොළම්බු ස්ටයිකර් කණ්ඩායම

මොහොමඩ් හසනායින්ව ඩොලර් 30,000- කැන්ඩි බී ලව් කණ්ඩායම

ලහිරු සමරකෝන් ඩොලර් 13,000 – ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

ඉසිත විජේසුන්දර ඩොලර් 5000-කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම

එෂාන් මාලිංග ඩොලර් 5000- ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

ඉසුරු උදාන ඩොලර් 100,000 -ගෝල් මාර්වල්ස් කණ්ඩායම

මුහමඩ් වසීම් කොළම්බු ඩොලර් 20,000 – ස්ටයිකර්ස් කණ්ඩායම

ඇලෙක්ස් රොස් ඩොලර් 20,000 -ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

අශේන් වික්‍රමසිංහ ඩොලර් 5000- ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

හසර්තුල්ලාහ් සායි ඩොලර් 50,000 – දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායම

චමත් ගොමස් ඩොලර් 5000- බී ලව් කැන්ඩි කණ්ඩායම

ධනංජය ලක්ෂාන් ඩොලර් 10,000 -ගෝල් මාර්වල්ස් කණ්ඩායම

චතුරංග ද සිල්වා ඩොලර් 30,000- කැන්ඩි බී ලව් කණ්ඩායම

කරිම් ජනට් ඩොලර් 80,000- දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායම

චතුරංග ද සිල්වා ඩොලර් 30,000 – කැන්ඩි බී ලව් කණ්ඩායම

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!