ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.
ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් ඔහු අද දින ලබාගත් බව වාර්තා වේ එමෙන්ම රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෞ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්කර තිබේ .
පසුගිය ජනාධිපතිවරයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්සට සහය නොදුන් රමේෂ් පතිරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කළ පුද්ගලයෙකි .
අද දින රමේෂ් පතිරණ සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනෙකු නැවත පොදුජන පෙරමුණේ සාමාජිකත්ත්වය ලබාගන්න ලදි .