රන්වල අත්අඩංගුවට

සපුගස්කන්ද ප්‍රදෙශයේදී රිය අනතුරක් සිදු කිරීමේ චෝදනා මත හිටපු කතානායක ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

දිනමින පුවත්පත වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බී.බී.සී වෙත පවසා ඇත්තේ අනතුරක් වළක්වා නොගැනීම සහ අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රිය අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමත්ව සිටියා ද යන්න පිළිබඳ වාර්තාව තවමත් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

හදිසි අනතුරකට අදාලව රියදුරෙකු අත්අඩංගුවට ගත් වහාම හෝ ඔහු බීමතින් රිය පැදවූ බවට සැක කරන්නේනම් කඩිනමින් වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමෙන් ඔහු බීමත්ව සිටියෙදැයි සනාත කරගත හැක . රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණය අනුව එය තීරණය කරගත හැක.

මධ්‍යසාර පානය කළ පසු එය රුධිරයට අවශෝෂණය වීමට කාලයක් ගතවේ. සාමාන්‍යයෙන්, පානය කළ මොහොතේ සිට මිනිත්තු 30 සිට පැය 1 දක්වා කාලය තුළ BAC මට්ටම උපරිමයට පැමිණේ. ඉන් පසු එය ක්‍රමයෙන් අඩුවේ. එබැවින්, ප්‍රමාද වී පරීක්ෂා කිරීමෙන්, සිද්ධිය වූ අවස්ථාවේ තිබූ සැබෑ මට්ටම නිවැරදිව තීරණය කිරීම අපහසු විය හැකි .