රට පැන්න පාතාලයන් සිය ගණනක් අද හෙට ශ්‍රී ලංකාවට ගෙන එනවා.

ශ්‍රී ලංකාවෙන් පලාගොස් විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 73 දෙනෙකු පමණ මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය .

එමෙන්ම තවත් අපරාධකරුවන් 100 කට ආසන්න ප්‍රමාණයක් විදේශයන්හි රැඳී සිටින බවට විශ්වාස කරන බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් ඉතා යහපත් ජාත්‍යන්තර සහයෝගයක් පොලිසියට ලැබෙමින් පවතින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

තමන් පොලිස් සේවයට බැඳුනේ ඕනැම අභියෝගයකට මුහුන දීමේ සූදානමින් බවත්, එබැවින් කිසියාම් පාර්ශවයකට බියවීමේ අවශ්‍යතාවයක් නැතිබවත් ඔහු සඳහන් කළේය .