රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති බිත්තර හොයන්න ඉන්දියා යයි

මෙරට පවතින බිත්තර හිඟය මග හරවවනු වස් ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද බිත්තර තොග පමාවිම සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළ අතර එහි පළමු තොගය වශයෙන් බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට නියමිතව තිබුනි.

කෙසේවෙතත් අදාළ බිත්තර සඳහා ඉන්දීය සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ප්‍රමිති වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *