දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස 23 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය .
අදාළ නඩුවට සම්බන්ධ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිය .
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ පුහුණුවක් සඳහා යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.