හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ විසින් ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරයේදී මූල්‍ය අපරාධමය වරදක් සිදු කර ඇත්දැයි බැලීම සඳහා ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
පෙබරවාරි 20 වැනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස කොල්ලුපිටිය පොලීසිය හරහා එම දැනුම්දීම සිදු කර තිබේ.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (18) අධිකරණයට කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් මෙම කරුණු අධිකරණය හමුවේ පවසන ලදි .