මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකුත් වෙනත් බන්ධනාගාරවලට යොමුකරයි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක්ද වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවීමට කටයුතු කර ඇතිබව වාර්තා වේ . මෙම රැඳවියන් වාරියපොල සහ බෝගම්බර බන්ධනාගාර වෙත ඊයේ දිනයේ මාරුකර යැවීමට කටයුතු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි . මෙලෙස මාරුකර යවූ පිරිසට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය රැඳවියන් පිරිසක් ඇතුළත් වෙයි . මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගටුමට එහි රඳවා සිටි රැඳවියන් පිරිසක් එක්විය .

මේ අතර මීගමුව බන්ධනාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී . මෙලෙස රැඳවියන් මාරු කිරීමේදී බන්ධනාගාරවල තිබෙන පහසුකම් පිළිබඳව අවධානය යොමුකරවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .