මහ කැලෑවක හිතුමනාපේ කෑම්පින් කළ යුවළකට අලියෙක් පහරදී කාන්තාවක් මරාදමයි.

කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේ අනාරක්ෂිත වනබිමක ඉදිකළ කූඩාරමක රාත්‍රිය ගතකරමින් සිටි යුවළකට වල් අලියෙකු පහරදී ඇත. එම පහරදීමෙන් තරුණිය එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත . මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 23 වැනි වියේ පසුවූ තරුණියකි.

මරණයට පත් කන්තාව සමග කූඩාරමේ සිටි තරුණයාද අලියා පහරදිමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත. මෙම ස්ථානය කඳවුරු වනජීවී දෙපාර්තමේන්තුව සතු කඳවුරු බිමක් නොවනා බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකූ අප කළ විමසිමකට පිළිතුරු දෙමින් පැවසීය.

මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතු එකක් වන අතර අලිඇතුන් ගමන් ගන්නා අලි මංකඩක පිහිටා ඇති බව වාර්තා වේ. කඳවුරු බිමක් ලෙස භාවිත කිරිමට තරම්
මෙම ස්ථානය කිසිසේත් සුදුසු නැති බව බවත් ප්‍රදේශ වාසීහු පවසති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *