මරා දැමූ ඉරාන ජතිකයන්ගෙ රුධිරය වෙනුවෙන් පළිගන්නවා – මොජ්තාබා කමෙයිනි .

ඉරානය වෙනුවෙන් දිවි පිදූවන්ගේ රුධිරයට පළිගන්නා බව එරට නව අධ්‍යාත්මික නායක මොජ්තාබා කමෙයිනී පවසීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවත්, ඇමරිකානු කඳවුරුවලට පහර දෙන බවත් ය . එක්සත් ජනපදය කළාපයේ ඇති සියලුම කඳවුරු වසා දැමිය යුතු බවත්, නොඑසේනම් ඉරානයේ වෙරළ තීරය හරහා දිවෙන සහ ලෝකයේ තෙල්වලින් පහෙන් එකක් සපයන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවටත් ඔහු තර්ජනය කළේය .

පෙබරවාරි මස අවසානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ආරම්භ වූ යුද්ධය මේ වන විට පුද්ගලයින් 2,000 කට පමන මරු කැඳවා ඇතිබව වාර්තා වේ.

සිය පියා වූ අයතොල්ල අල් කමෙයිනීගේ ඝාතනයෙන් පසු ප්‍රතම වරට රූපවාහිනියට ප්‍රකාශයක් කරාමින් ඔහු මේ බව පැවසීය .