මධ්‍ය කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වසරේදි විශේෂ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .
එම අධිකාරියට, කෘෂි කර්මාන්ත, වාරිමාර්ග, වනජිවී වන සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් හා යළි පදිංචි කිරීම් යන සියලුම සැලසුම් නිර්මාණය කිරීම සඳහා බලය ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .
මධ්‍ය කඳුකරය මුළුමුනින්ම එම අධිකාරිය විසින් බලා ගත යුතු අතර ක්‍රියාත්මක කරන සියලු සැලසුම් සඳහා එම අධිකාරියෙන් අවසර ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර දිසානායක මේ බව පැවසූවේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක”ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි . එම වැඩසටහන අද (27) ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ආරම්භ විය .