පරාටේ නීතිය දෙසැම්බර් 15 වැනි දා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ බැංකු මගින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ කොන්දේසි වලට යටත්වයි.
පරාටේ නීතිය යනුවෙන් අදහස් කරන්නේ ණය ගැනුම්කරුවන් විසින් එම ණය නොගෙවා පැහැර හරින ලද අවස්ථාවනිහි දී, ණය අයකර ගැනීම සඳහා ලබා දුන් එම ණය වෙනුවෙන් බැංකුව වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරණ බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතයි.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (30) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී පරාටේ නීතිය සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.