මතීෂ පතිරණට වහ වැටිලා ඉන්න ඉන්දියානු තරුණියෝ (VIDEO)

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා.

සේරටම කළින් මතීෂ පතිරණ කියන්නේ කව්ද කියන එක මුලින්ම අපි බලමු.

මතීෂ පතිරණ තමන්ගේ මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ ගන්නොරුව, රණබිම රාජකීය විද්‍යාලයෙන්.

පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව එල්ලේ ක්‍රීඩාවේ නිරත වුණු ඔහු පස්සේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා.

දකුණත් වේග පන්දු යවන්නෙකු වන මතිෂ පතිරණ, 2020 සහ 2022 කියන වසරවලදී අවුරුදු 19න් පහළ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කරනවා.

ඔහු මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම, Chennai Super, Kings Desert Vipers, Bangla Tigers, Colombo Strikers වැනි කණ්ඩායම් සඳහා තරග කරලා තියෙනවා.

ඒවගේම 2022 වසරේදී ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වුණු 20/20 තරග සංචාරය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මතීෂ පතිරණ ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහුට තමන්ගේ මව්බිම නියෝජනය කරමින් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායාමේ ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණට 2022 වසරේදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන්න හැකියාව ලැබුණා.

ඔහු ක්‍රීඩා කරපු පළමු තරගයේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගෙන වාර්තා අතරටත් එක්වෙන්නත් ඔහු සමත්වුණා.

පතිරණ.. පතිරණ.. පතිරණ..

මේ නම තමයි IPL බලන හැමෝටම මේ දවස්වල ඇහෙන්නේ.

ලංකාවේ නම් නෙවෙයි ඒ මුළු ඉන්දියාවෙම

හරියටම කියනවනම් මතීෂ පතිරණ දැන් මුළු චෙන්නායි ප්‍රදේශයම හොල්ලා ඉන්නේ.

මතීෂ පතිරණ ඉන්දියාවේ විශේෂයෙන්ම තරුණියන්ගේ Crush එක වෙලා තියෙනවා.

ගොඩක් ගැහැණු ළමයි අපේ මතීෂ පතිරණගේ ලස්සනට වගේම හැකියාවට ආකර්ෂණය වෙලා ඉන්නේ.

සමාජ මාධ්‍ය තුළ සැරිසරනකොට ඒ දේ ඔප්පු වෙනවා.

මතීෂ පතිරණ කියලා කියන්නේ එච්චර ලොකු වයසක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි.

ඔහුට තවම වයස අවුරුදු 21යි.

ඔහුට ආදරේට හැමෝම කියන්නේ BABY MALINGA කියලා.

ඉන්දියාවේ තරුණියන් මතීෂට පිස්සු වැටිලා ඉන්නකොට අපේ රටේ තරුණියනුත් ඊට ප්‍රතිචාර දක්වලා තිබුණේ මේ විදිහට .

ඉන්දියාවේ තරුණියන් මෙන්න මේ විදිහට කියනවා.

https://fb.watch/rPbw1N9YkQ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!