ඊශ්‍රායලයේ විශේෂ අවශ්‍යතා සහිත ආයතනයකට ඇතුළත් වූ බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයකු ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පාවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ 2025 මැයි මාසයේදී රැකියාවක් සඳහා ඊශ්‍රායලයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි . ඔහු තම නිල රැකියා ආයතනයෙන් පිටත තාවකාලික රැකියාවක නිරතව සිටි බවද වාර්තා වේ.
ඉන්ටර්පෝල් හි ඊශ්‍රායල ශාඛාවෙන් තානාපති කාර්යාලයට ලැබුණු තොරතුරුවලට අනුව, බෙයිට් ෂෙමේෂ් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ දිගටම පවතින බැවින් ඔහු තවමත් අත්අඩංගුවේ පසුවේ.
අපරාධ සහ සමාජ හැසිරීම් පිළිබඳ ඊශ්‍රායලයේ දැඩි නීති ක්‍රියාත්මක බවත්, බරපතල වැරදි සඳහා විදේශීය ජාතිකයන් දිගුකාලීනව සිරගත කිරීම සහ පිටුවහල් කිරීම සිදුවන බවත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි .