පොහොට්ටු ලොක්කෙක් ඇතුලට .

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා එළඹෙන සැප්තැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බලපත්‍ර 56 ක් නීති විරෝධී ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙසේ රිමාන්ඩ් කර ඇත .

එලෙස නීති විරෝධී ලෙස නිකුත් කරන ලද බලපත්‍ර අතුරින් බලපත්‍ර 30ක් සැකකරුගේ කමිටුව වෙත වෙන්කරගෙන ඇති අතර, ඉතිරි බලපත්‍ර 26 තමාගේ අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයන් වෙත බෙදා දී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද රේණුක පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරි සමාජිකයෙකි . අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වයි.