පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. නව මිල සංශෝදනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414 කි.

එහෙත් රුපියල් 475ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් කර නැති අතර, එය පැවති මිල යටතේම පවතී.

කෙසේ නමුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 478 ක්ව පැවති මිල, රුපියල් 528ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම රුපියල් 382 ක්ව පැවති සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392ක් වේ.

භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදුකර නැත. ලංකා අයි.ඕ.සී සමාගමද මෙම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිය මිල ගනන් ඉහළ දමා ඇත .