පෙට්‍රල් ලීටරයක ලාභය ශත 2 යි. භූමිතෙල් ලීටරයකින් 2.95 ක් පාඩුයි. සංස්ථාවේ ලාභ පාඩු හෙළිවෙයි

මැයි මස සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වියදම් සහ ලාබ පිළිබඳ සාරාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 77.95ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.17ක්, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 51.73ක් , සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 73.62ක් හා භූමිතෙල් ලිටරයකට රුපියල් 3.72ක් ලෙස බදු පැනවෙන බව සඳහන් වෙයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 02ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 98ක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 9.86ක ලාභයක් සංස්ථාව ලබයි .

එහෙත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 89ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.95ක් අලාභ තවමත් ලබනා බව එම වාර්තව පවසයි. .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *