මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම මාරාන්තික බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය 48ක් ඇතුළත මිය යන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙනවා.
ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන මාංශපේෂී දිය කරන එසේත් නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවයි විදෙස් සෞඛ්‍ය අංශ පෙනවාදෙනවා.
ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා.
ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂණ මතුවන බවයි පෙන්වාදෙන්නේ.
මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙන බවත් ඉන්පසු එය රුධිරයට ඇතුළු වී එම බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරින බවත් වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.
බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන් ද දැඩි අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බව ද වෛද්‍යවරුන් පවසනවා.